අභයගිරි දාගැබ

මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා , ජගන්දලා , වික්‍රමශීලා වැනි ‍බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය.මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා (වට්ටගාමිණි අභය) රජුගේ
දෙවැනි පාලන සමයේ(කි.පූ. 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය.
මෙසේ පලා යද්දි ජෛන ආශ්‍රමයක සිටි ගිරි නම් පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. වසර 14 කට පසු භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලද්දේය.

 

Comments

Popular posts from this blog

මිරිසවැටිය

ථුපාරාමය