ලෝවාමහාපාය

මහාවිහාර සංකීර්ණයේ නටබුන් අතරට අයත් වැදගත් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපාය අටමස්ථාන අතරටත් අයත් වේ.
ක්‍රි:ව 161 - 137 කාලයේ රජ කළ දුටුගැමුණු රජු මෙහි නිර්මාතෘවරයාය. මෙහි පියස්ස තඹ වලින් කළ උළු යොදා සෙවිළි කිරීම හේතුවෙන් ලෝවාමහාපාය යන නම ලැබී ඇති බව සැලකේ.
දුටුගැමුණු රජු විසින් මෙය සැදූ ආකාරය හා මෙහි මුල්ම ස්වභාවය සම්බන්ධව මහාවංසයේ විස්තර කර ඇත. එම විස්තරය අනුව මෙම ගොඩනැගිල්ලේ සැලැස්ව රජුගේ ඉල්ලීම පරිදි රහතන් වහන්සේලා විසින් සකස්කර තිබේ. ඒ තව්තිසා දෙවි ලොවේ තිබූ ප්‍රසාධයක් ඇසුරිණි. එම සැලැස්මට අනුකූලව මෙම ගොඩනැගිල්ල සෑදීමේදී රජු කිසිවෙකුගෙන් නොමිලේ සේවය ලබා ගෙන නොමැත. සැමට වැටුප් ගෙවීය. අවසානයේ දොරටු හතරකින් හා මහල් නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙහි වැඩ කටයුතු නිම කර තිබේ.
ශෛලමය ස්තම්භ පේලියක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත. වර්තමානයේ අපි ලොවාමහාපාය වශයෙන් හදුනාගන්නේ එම ස්ථම්භ පේලිය පමණි. එතැනින් උඩ කොටස එදවස දැවමය ආකෘතියක් අනුව සාදා තිබෙන්නට ඇත. නමුත් ඒ සඳහා සාක්ෂි ඉතිරිවී නොමැත. මෙවන විට ගල් කණු 1600ක් දැකිය හැකිය.
දුටුගැමුණු රාජ්‍ය සමයෙන් පසුව ද අවස්ථා කිහිපයකදීම මෙම ස්මාරකය ගැන මහාවංසයේ සඳහන් වී තිබේ. කාලයත් සමඟ මෙහි මහල් සංඛ්‍යාවේ අඩු වැඩි වීම් සිදුවී ඇත. මහසෙන් යුගයේදී මෙය සම්පූරණයෙන්ම විනාශ කර භූමියේ උඳු වැපිරුවේය. නමුත් පසුව වෙනත් රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණයට ලක් විය. අවසන් වරට මහා පරාක්‍රමබාහු රජු මෙය ප්‍රතිසංස්කරණය කර ඇත.
වර්තමානයේ ලෝවාමහාපාය වැටකින් වටකර ඇත. සංචාරකයින්ට ඇතුළට යාමට අවස්ථාවක් ‍නැත.

Comments

Popular posts from this blog

අභයගිරි දාගැබ

මිරිසවැටිය

ථුපාරාමය