රුවන්වැලි සෑය
දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළුවේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.
Comments
Post a Comment