Posts

අභයගිරි දාගැබ

Image
මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා , ජගන්දලා , වික්‍රමශීලා වැනි ‍බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය.මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා (වට්ටගාමිණි අභය) රජුගේ දෙවැනි පාලන සමයේ(කි.පූ. 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දි ජෛන ආශ්‍රමයක සිටි ගිරි නම් පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. වසර 14 කට පසු භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලද්දේය.  

රුවන්වැලි සෑය

Image
දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළ

මිරිසවැටිය

Image
මෙය දුටු ගැමුණු රජු(ක්‍රිස්තු පූර්ව 161 - 137) ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. (පළමුවන ගජබා රජු, වෝහාරිකතිස්ස රජු, පස්වන කාශ්‍යප රජු ආදීන්ද මෙහි සුලු ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.) ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ.

ථුපාරාමය

Image
මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.

ලෝවාමහාපාය

Image
මහාවිහාර සංකීර්ණයේ නටබුන් අතරට අයත් වැදගත් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපාය අටමස්ථාන අතරටත් අයත් වේ. ක්‍රි:ව 161 - 137 කාලයේ රජ කළ දුටුගැමුණු රජු මෙහි නිර්මාතෘවරයාය. මෙහි පියස්ස තඹ වලින් කළ උළු යොදා සෙවිළි කිරීම හේතුවෙන් ලෝවාමහාපාය යන නම ලැබී ඇති බව සැලකේ. දුටුගැමුණු රජු විසින් මෙය සැදූ ආකාරය හා මෙහි මුල්ම ස්වභාවය සම්බන්ධව මහාවංසයේ විස්තර කර ඇත. එම විස්තරය අනුව මෙම ගොඩනැගිල්ලේ සැලැස්ව රජුගේ ඉල්ලීම පරිදි රහතන් වහන්සේලා විසින් සකස්කර තිබේ. ඒ තව්තිසා දෙවි ලොවේ තිබූ ප්‍රසාධයක් ඇසුරිණි. එම සැලැස්මට අනුකූලව මෙම ගොඩනැගිල්ල සෑදීමේදී රජු කිසිවෙකුගෙන් නොමිලේ සේවය ලබා ගෙන නොමැත. සැමට වැටුප් ගෙවීය. අවසානයේ දොරටු හතරකින් හා මහල් නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙහි වැඩ කටයුතු නිම කර තිබේ. ශෛලමය ස්තම්භ පේලියක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත. වර්තමානයේ අපි ලොවාමහාපාය වශයෙන් හදුනාගන්නේ එම ස්ථම්භ පේලිය පමණි. එතැනින් උඩ කොටස එදවස දැවමය ආකෘතියක් අනුව සාදා තිබෙන්නට ඇත. නමුත් ඒ සඳහා සාක්ෂි ඉතිරිවී නොමැත. මෙවන විට ගල් කණු 1600ක් දැකිය හැකිය. දුටුගැමුණු රාජ්‍ය සමයෙන් පසුව ද අවස්ථා කිහිපයකදීම මෙම ස්මා

ශ්‍රී මහාබෝධීන් වහන්සේ

Image
මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත. මෑත කාලය තුල .., 1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සැදැවතියක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි.